Thursday, May 22, 2008

පරිවර්තනය: (ලංකා බැංකු සේවක සංගමයේ සුභාශිංසනය)
වැඩ කරන ජනතාවට කළ අවුරුදු 60 ක සේවය
1948 දී බාලා සහෝදරයාව, සීඑම්යූ වේ ප‍්‍රධාන ලේකම් තනතුරට එම සාමාජිකයන් විසින් තෝරා පත් කර ගන්නට යෙදුනත්, ඊට පෙර සිටම, කාලයක් තිස්සේ සීඑම්යූව සහ බාලා යන නමට සමානව එකට පැවතෙමින් තිබුණි. අපගේ ලංකා බැංකු සේවක සංගමයේ පුරෝගාමියෙකු වන බැංකු ලිපිකාර සංගමය බිහිකළ ඒ.ඊ. ගූණසිංහ මහතා සීඑම්යූවේ මුලාරම්භකය, බව සත්‍ය කරුණකි.
බාලාගේ සම්ප‍්‍රාප්තියත් සමගම සීඑම්යූව, ක‍්‍රම ක‍්‍රමයෙන් වූවත් තීරණාත්මක ලෙස, පොදුවේ පවතින බාහිර අපේක්ෂාවන්ට වඩා තම සාමාජිකයන්ගේ සහ වැඩ කරන ජනතාවගේ අපේක්‍ෂාවන් කේන්ද්‍ර කර ගනිමින් පැහැදිලිවම වෙනස් වැඩ සටහනක් අනුගමනය කිරීම ආරම්භ කළේය. මෙම ප‍්‍රවිශ්ඨය හේතු කොට ගෙන කිසිම ආකාරයක දේශපාලනමය උපක‍්‍රමශීලී පෙළඹවීමකට හසු නොවී වෘත්තීය සමිතියක් වශයෙන් ප‍්‍රබල ලෙස පෞද්ගලිකත්වය ආරක්‍ෂා කරගනිමින්, ක‍්‍රමයෙන් ඉදිරියට පැමිණීමට, සංවිධානයක් වශයෙන්, සීඑම්යූවට හැකියාව ලැබී තිබේ. බාධාරහිතව, අවුරුදු 60ක කාලයක් තිස්සේ මÛපෙන්වන්නෙකු හා උපදේශකයෙකු වශයෙන් සිටින සීඑම්යූව විශ්මය ජනක සංගමයක්, උත්තරීතර මානුෂික කි‍්‍රයාකාරකම් ඉහලින්ම ඉටුකරමින් සිටීී. සැලකිය යුතු තරම් සාමූහික ගිවිසුම්වල ගනදෙනු ඇති කර ගනිමින්, සීඑම්යූවේ සාමාජිකයන්ගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කරලීම සඳහා බාලා, මේ කාලය තුලදී වෙහෙස නොබලා වැඩ කළා පමණක් නොව පොදු ජනයාගේ ජීවත්වීමට ඉතා වැදගත්වන ප‍්‍රශ්න කෙරෙහිද විශාල අරගල දියත් කර, එහි ප‍්‍රමුඛ භූමිකාවක නිරතවෙමින්, ගිනිය නොහැකි තරම් අනෙකුත් ආකාරයේ වැඩවලද යෙදී තිබේ. අපගේ සංගමය සීඑම්යූව සමග අත්වැල් බැඳගෙන, එකට වැඩ කළ එවැනි ඉතා හොඳ වැදගත් අවස්ථා දෙකක් නම්, රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කිරීමට එරෙහිව මෑතදී කළ අරගලය සහ විදේශීය සමාගමකට, එප්පාවල ෆොස්පේට් නිධිය විකුණා දැමීමට එරෙහිව කළ සටනය. මෙරට එකරාශීවී කෙරුණු මෙහෙයුම් වශයෙන් මෙම සටන් දෙකටම මේ වන විට, ඵලදායි ප‍්‍රතිඵල ලැබී තිබේ.
මෙම රටේ වෘත්තීය සමිති ව්‍යාපාරය විශේෂයෙන් පසුගිය දශක 2 1/2 තුලදී බොහෝ බැ?රුම් පසුබෑමකට ලක්වී තිබුණි. වැඩ කරන පංතියේ අයිතිවාසිකම්වලට මද පමණකින්වත් සැලකිල්ලක් නොදක්වන, දේශපාලන පක්‍ෂවලට ගැතිකම් කරන, හතු පිපෙන්නාක් මෙන් බිහිවූ ඊනියා වෘත්තීය සමිතිවලින් එකී දර්ශනය තව තවත් දුෂිත තත්ත්වයට පත් කර ඇත. සීඑම්යූව සමග කිට්ටු සම්බන්ධතාවයක් පවත්වාගෙන යෑම වර්ධනය කර ගනිමින්, එම තත්ත්වය යටතේ එවැනි පිළිලයන්ගෙන් වෘත්තීය සමිති ව්‍යාපාරය පවිත‍්‍ර කර ගැනීමට හැකිවීම ගැන ලංකා බැංකු සේවක සංගමය සතුට වන්නේය.
තවත් අවුරුදු ගණනාවක් සඳහා වැඩ කරන පංතියේ අපේක්ෂාවන් ඉටු කිරීම පිණිස සේවය කිරීමට බලා සහෝදරයාට කායික ශක්තිය හා සවිබලය තව තවත් ලැබේවායි කියා අපි ප‍්‍රාර්ථනා කරමු. වෘත්තීය සමිති ක්‍ෂේත‍්‍රය තුල තමන් විසින් ලබා ගන්නා ලද අනුපමේය ජයග‍්‍රහන පිළිබඳව අපි සීඑම්යූවටද සුභාශිංසනය කරන අතර, මෙරටේ කම්කරු ව්‍යාපාරයේ බලකොටුවක් ලෙසට තම භූමිකාව තවදුරටත් පවත්වා ගෙන යාම සඳහා ඔවුනට අපි ආශීර්වාද කරමු.
මෙයට අත්සන් කළේ/ එම්.ආර්.ෂාසභාපති ලංකා බැංකු සේවක සංගමය
2008 මැයි 1 වන දීයලග/පලි
----------------------------------------------
මහජන එක්සත් පෙරමුණ
10/4, ශ‍්‍රී වජිරඥාන මාවත, වැව පාර, මහරගම, ශ‍්‍රි ලංකාව දුරකථන/ෆැක්ස් : 284220910රැු4ල ඪ්වසර්ටබ්බ් ඵ්අ්එය්ල ඛ්නැ ඍද්ාල ඵ්ය්ර්ට්ප්ල ීරස ඛ්බන්ල ඔැකරැුත්‍්ංථ 2842209
2008-02-01
බාලා තම්පෝ සහෝදරයා,ප‍්‍රධාන ලේකම්,ලංකා වෙළඳ, කාර්මික සහ පොදු කම්කරු සංගමයගාලූ පාර,කොළඹ 03.
හිතවත් ප‍්‍රධාන ලේකම් සහෝදරය,
60 වන සංවත්සරයට සුභ පැතුම්
ලංකා වෙළඳ, කාර්මික සහ පොදු සේවක සංගමයේ 60 වන සංවත්සරය සපිරෙන මේ අවස්ථාවේ අපගේ සහෝදරත්වය සමග උණුසුම් සුභපැතුම් පිරිනමමු. ලංකා වෙළඳ කාර්මික හා පොදු සේවක සංගමයේ පෙර ගමන්කරුවා වු ලංකා වෙළඳ සේවා සංගමයද ශ‍්‍රී ලංකාවේ වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් දිනාගැනීමටත්, ආරක්ෂාකර ගැනීමටත් ඉටුකර ඇති මෙහෙය අමතක කළ නොහැකි ඓතිහාසික කර්තව්‍යයකි.
එසේම ඔබ සංගමය සමග විවිධ අවස්ථාවන්හිදී අප පක්ෂයත්, අප පක්ෂයට අනුබද්ධ ලංකා කම්කරු සමිති මධ්‍යම මණ්ඩලය හා අනුබද්ධ වෘත්තීය සමිති සමග එක්ව පොදු ක‍්‍රියාමාර්ග වලදී කටයුතු කරන්නට ලැබීම මේ අවස්ථාවේදී අපි ඉතා ගෞරවයෙන් සිහිපත් කරමු.
ලංකා වෙළඳ කාර්මික සහ පොදු සේවක සංගමයට හා එහි සාමාජිකත්වයට දිගු කලක් වැඩකරන ජනතාවගේ ජයග‍්‍රහණ වෙනුවෙන් කටයුතු කිරීමට ශක්තිය, ධෛර්යය හා උණුසුම් ආශීර්වාදය පුදකර සිටින්නෙමු.
ලංකා වෙළඳ, කාර්මික හා පොදු සේවක සංගමයට පුරා වසර 50 ට වැඩි කාලයක් නායකත්වය ලබාදෙන බාලා තම්පෝ සහෝදරයාටද මේ අවස්ථාවේදී අපගේ උණුසුම් සුභපැතුම් විශේෂයෙන් පුද කරමු.
මෙයට සහෝදරත්වයෙන්,
අත්. කලේ/දිනේෂ් ගුනවර්ධනමහජන එක්සත් පෙරමුණේ නායක

-------------------------------------------------
පරිවර්තනය: (ෆ‍්‍රැන්ක්ලින් අමරසිංහ මහතා විසින් එවන ලද ලිපිය)
හිතවත් බාලා,
ඔබගේ වෘත්තීය සමිති ජීවිතයේද සහ සීඒම්යූවේද 60 වන සංවත්සරය මෙම පෙබරවාරි 1 දින පවත්වන බව ජයකොඩි සහෝදරයාගෙන් මට දැන ගන්නට ලැබුණි. මෙම මහා සැතපුම් කනුවට සම්ප‍්‍රාප්තවීම පිළිබඳව ඔබ වෙත සහ සීඑම්යූව වෙත මගේ හෘදයාංගම සැභපැතම් මෙයින් පිරිනමමි.
ඔබව හඳුනාගැනීමේ භාග්‍යය මට ලැබුනේ 1974 දී මා හාම්පුතුන්ගේ සම්මේලනයට බැඳුණු විටය. ඒ කියන්නේ දැනට හරියටම අවුරුදු 34ක පි‍්‍රය මනාප දීර්ඝ කාලයක් තිස්සේ ඔබගේ ශූර සහ ප‍්‍රතාපවත් නායකත්වය යටතේ ඔබගේ සංවිධානය පවත්වාගෙන ගිය ආකාරය ගැන සහ ඔබගේ සංවිධානය ගැන මගේ පළමු දැනීමද මට ලැබුණේ එහිදීය. වෘත්තීය සමිති ව්‍යාපාරය තුල සිටිමින් එයට එක්තරා අගයක් ඇති කරමින් ඊට දී ඇති දායකත්වය ඔබට සදාකල් පවතින සිහිවටනයක් වේවි යැයි මා විශ්වාස කරමි. සීඑම්යූව විසින් නිතරම කරන ලද මනා ගුණයෙන් යුත් එක්තරා කාරණාවක් වූයේ, එය විසින් භාර ගන්නා ලද කාරිය කෙරෙහි ගරුත්වයක් තැබීම වන අතර, කළාතුරෙකින් වූවත් අප අතර කිසියම් මතභේදයක් ඇතිවුවිට එහි සමථයක් ඇතිවූ පසු ඒවා ඉතා සුළු කොට තැකීමයි.
ප‍්‍රචණ්ඩ සහ අවාසනාවන්තවූ සමහර ගැටුම්ද සහිතව පොලිටෙක්ස් ආයතනයේ තිබූ ආරවුලක් සමථයකට පත් කිරීම වූකලී එක් සිද්ධියක් හැටියට මතක් කිරීමට මා කැමැත්තෙමි. කම්කරු දෙපාර්තමේන්තුවේදී කළ අසාමාන්‍ය දීර්ඝ සාකච්ඡුාවකින් පසුව අවසානයේදී අපට එය සමථයකට පත් කර ගත හැකිවිය. මා සිතන හැටියට ඒ සාකච්ඡුාව සඳහා පැය හයකට වඩා වැඩි කාලයක් ගත විය. මා විසින් ඒ ගැන පුද්ගලිකවම බැලිය යුතු යැයි ඔබ ඉල්ලා සිටි නිසා මාද ඊට සහභාගී වූයෙමි. දිග් ගැස්සෙමින් තිබූ එම වැඩ වර්ජනය අවසානයක් කරවීම සඳහා පැහැදිලිවම යමක් නොකර ඉන් පිටවීමට මට නොසිතුණි. පිටු 9ක් පුරාවට දීර්ඝවූ එම සමථ ගිවිසුම, මගේ අතින්ම ලියුුවෙමි. ඔබ පිටවී යෑමට පෙර එය අත්සන් කරවා ගැනීම සඳහා මටද, ඔබ සමග එහි රැුඳී සිටීමට අවශ්‍යව තිබුණි. තවත් මිනිත්තු කීපයක් වූවත් රැුඳීසිටීමට සූදානම්ව සිටි ඔබට එය වෙහෙසකාරී වූවත්, ඇත්තවශයෙන්ම එය ලිවීම සඳහා මා ගත් කාලය තුල සම්පූර්ණ සමථයම නිරූපනය කිරීමට මට හැකිවෙතැයි මගෙන් බලාපොරොත්තු නොවන්නට ඇති බව මා සිතමි. ඔබ එය කියවා බලා ඒ පිළිබඳව සඳහන් කළ ප‍්‍රකාශය නම්, රාජකාරී ජීවිතය තුල මා ලැබූ උසස්ම සටහනක් බවට මා නැවත නැවතත් කල්පනා කරමි. එනම්, එහි, තවත් ,කොමාවක්වත්, එකතු කිරීම අවශ්‍යවේ යැයි බලා සිටි ඔ්බට, ඒ බවක් හසුනොවී, මේකනම් නියමෙට තියෙනවා යනුවෙන් කියා සිටීමයි.
අපි, එකවතාවක් පමණක් මුණගැසී කළ එක්තරා, ල.සේ.ස./සීඑම්යූ සාමූහික ගිවිසුමක්ද ඇතුලූව, ඒ හැර තර්ක විතර්ක තුලින් කළ විශ්ෂඨ ගිවිසුම් කීපයක්ම හැරුණුවිට අනෙකුත් ගිවිසුම් පිළිබඳව අපි සාකච්ඡුා කළේ දුරකතනය මගින්ම වන අතර, ලිපි ලේඛණ හුවමාරු කරගත්තේද අප අතර දුරකතනය මගින් ඵලදායක ලෙස එකÛත්වයයට පැමිණි, වාර්තා කොට තැබීමට පමණක් අවශ්‍යව තිබූ කරුණු ගැන බව, මට මතක්වේ. ඔබ සහ සීඑම්යූව සමග කටයුතු කිරීම මට මහත් සතුටක් වී තිබුණි. ඔබ විසින් කියා දෙනු ලබන සමහර අවවාදාත්මක විස්තර, සමහරවිට දීර්ඝ වන විට, එය අසා සිටීම වෙහෙසකර වූවත්, ඒ සඳහා අමතර වේලාව තිබෙන කෙනෙකුට ඒ අවස්ථාව ලැබුනහොත්, ඇත්තවශයෙන්ම ඒවායින් නෛසර්ගික අධ්‍යාපනයක් ලැබෙන බව නම් සිකුරුය. ලං.සේ.ස. සහ සීඑම්යූව අතර කරන කටයුතුවලදී තිබෙන එක්තරා වැදගත් ලක්‍ෂණයක් වන්නේ, දෙපාර්ශවයම අතර සුහද ගරුත්වයක් සහ විශ්වාසයක් තිබීමයි. ඔබ සමග පමණක් නොව ඔබගේ සහායකයින් සමග කටයුතු කරන විටදීත් එය එසේමය. ඇත්ත වශයෙන්ම ,මේ, සහෝදරිය සමග අන්‍යොන්‍යව කටයුතු කිරීමට ලැබීමද, නිතරම මට මහත් සතුටක් විය.
-2-
තවද, අපි එකිනෙකා අතර තිබූ ගරුත්වය හේතු කොට ගෙන එය බිඳ දමා, වාද විවාදයක් ඇති කර ගැනීමේ උත්සාහයක්වත් නොගැනීමට තරම් අපි පරෙස්සම් වීමු. නිසිමග යෑම අපගේ වගකිවයුතු ආකල්පය, නිසා එකිනෙකා තේරුම් ගෙන සිටීමට අපි නිතරම උත්සාහ ගත්තෙමු.
ඔබගේ ඉතිහාසය තුළ ජයකොඩිගේ ආපසු පැමිණීම සුරක්‍ෂිත කර ගැනීමට ඔබට හැකිවීම ගැන, මේ අවස්ථාවේදී මා සතුටට පත්වන කිසියම් දිනයක ඔබ සේවයෙන් ඉවත්වන විට ඔහු ඔබට වැදගත් අනුප‍්‍රාප්තිකයෙකු වනු ඇති බව මට හැÛීයයි. මහන්සිවී කළයුතුව තිබෙන වැදගත් වැඩ කොටස ඉටුකරලීමට ජයකොඩිට ඉඩ ලැබෙනු පිණිස උපක‍්‍රමශීලී චින්තකයෙකු වශයෙන්, ඔබද සිංගප්පුරුවේ සිටි ලී-ක්වාන්-යූ විසින් කළ භූමිකාව පරිදි භූමිකාවක් පවත්වාගෙන යමින්, දෛනික හා ඒකාකාරී වැඩ කොටස ඔහුට පවරා දිය යුතු බව මගේ අදහසයි.
තවත් බොහෝ කාලයක් තිස්සේ, ජාතියට වැදගත් සේවයක් ඉටු කිරීම සඳහා ඔබටද සහ සීඑම්යූවට, මේ වැදගත් අවස්ථාවේදී සියලූ සුභ පැතුම් පිරිනැමීමට නැවතත් මට ඉඩදෙන ලෙසට මා ඉල්ලා සිටිමි.
මෙයට
ෆ‍්‍රැන්ක්ලින්
ලග/පලි

----------------------------------------------------

පරිවර්තනය (ජාත්‍යන්තර ආහාර සහ සමාන සේවා කම්කරු සංවිධානයෙන් :)
ලැබුනු සුභාසිංශනය*
2008 ජනවාරි 17
බාලා තම්පෝ සහෝදරයා වෙත,ෂඹත්‍ - සංවිධානයේ ප‍්‍රධාන ලේකම් රොන් ඔස්වල්ඩි මහතාගෙන් (ෑගප්සක*
සීඑම්යු 60 වන සංවත්සරය - 2008 පෙබරවාරි 01
ප‍්‍රිය බාලා සහෝදරය,
ඔබගේ ආරාධනයට ස්තුතියි. මෙම වැදගත් අවස්ථාවට මට පුද්ගලිකවම සහභාගි වීමට නොහැකි බව කීමට සිදුවීම ගැන කණගාටු වන්නෙමි. කෙසේ වෙතත්, පෙබරවාරි මාසයේදී පැමිණෙන එම දිනය, අර්ථවත්ව එහි කටයුතු සාර්ථක වේවායිෟ මා ප‍්‍රාර්ථනා කරමි. එසේම කරුණාකර අපගේ පහත සඳහන් පණිවුඩයද ඔබගේ නියෝජිතයන් වෙත සහ සහෝදරවරුන් වෙතද දැැනුම් දෙන්න.
ඵ‍්‍රිය සහෝදර සහෝදරියනිෟ
ලෝක ව්‍යාප්තව සිටින අපගේ සාමාජිකයන් වෙනුවෙන්, ජාත්‍යන්තර ආහාර සහ සමාන සේවා කම්කරු සංවිධානය :ෂඹත්‍*, තම උණුසුම් සුභ පැතුම් සහ සහයෝගිතාවයේ පණිවිඩය ලිපිකාර සහ වෙළඳ සේවකයන්ගෙන් සමන්විතව, ඉතා කුඩා වෘත්තීය සමිතියක් ලෙසට ආරම්භ කරන ලද සීඑම්යුවේ, 60 වන සංවත්සරය නිමිත්තෙන් එවන්නෙමු.
තම පරිකල්පනය, සටන්කාමිත්වය ප‍්‍රතිපත්ති කෙරෙහි වු කැපවීම අසිරු තත්වයන් යටතේ අරගල කිරීම පිණිස වෙිදනාව දරාගැනීමේ හැකියාව යනාදී ගුනාංග නිසා, ආසියා/ ෆැසිපික් කලාපයේ පමණක් නොව මුළු ලෝකය පුරාම සිටින වෘත්තීය සමිතිවලට ආදර්ශයක් ගෙන දෙමින්, සීඑම්යුව, ශ‍්‍රී ලංකාවේ සියළු වැඩ කරන ජනතාව අතර කැපී පෙනෙන වෘත්තීය සමිතියක් බවට පත්ව ඇත. ෂඹත්‍ හිදී ගනු ලබන තීරණ, වාද විවාද සහ ක‍්‍රියාකාරකම් වලදී, සීඑම්යුව විසින්ද කර ඇත්තේ ක‍්‍රියාශීලි භූමිකාවකි. සෑම තැනකම සිටින අපගේ සාමාජිකයන්ට එයින් මහත් ධෛර්යයක් සහ ආධාරයක්ද ලැබී තිබේ.
දශක ගණනාවක් තුළ අරගලයට නායකත්වය දුන් සීඑම්යුවේ නායකත්වයට සහ සීඑම්යුවටද ෂඹත්‍ හි මහ ලේකම් කාර්යාලය, මෙම වැදගත් අවස්ථාවේදී ඉතා සතුටින් යුතුව තම ප‍්‍රසාදය පලකර සිටී. ඉදිරියට පැමිනෙන දිනවලදී සහ වර්ෂ වලදීද අපි සැවොම එක්ව, වැඩ කිරීම අපේ බලාපොරොත්තුවයි.
මෙයට සහෝදරත්වයෙන්,
(අත්සන් කළේ*රොන් ඔස්වල්ඞ්ප‍්‍රධාන ලේකම් (ෂඹත්‍*
2008 පෙබරවාරි 01 දින දීය.
ලග/න
---------------------------------------------
පරිවර්තනය (ජපාන නැවියන්ගේ සංගමයෙන් ලැබුනු ලිපිය*
2007 දෙසැම්බර් 10
(ෆැක්ස් පණිවිඩය*
සීඑම්යු - ප‍්‍රධාන ලේකම්, බාලා තම්පෝ මහතා වෙත, සමස්ථ ජපාන නාවිකයන්ගේ සංගමයේ සභාපති යොජි ෆියුජිසාවා මහතා විසින් එවන ලදී.
ප‍්‍රිය සහෝදරය,
2007 නොවැම්බර් 8 වන දිනෙන් සාර්ථක ලෙස අවසන්වු සමස්ථ ජපාන නැවියන්ගේ සංගමයේ 68 වන වාර්ෂික කොන්ග‍්‍රසය වෙත ඔබ විසින් සහෝදරාත්මක සුභ පැතුම් පණිවුඩයක් එවීම ගැන අපගේ හෘද්‍යාංගම ස්තුතිය පිරිනමමු. තෙදිනක් තිස්සේ උද්යෝගීමත් ලෙස සාකච්ිඡුාකර, අවසානයේදී, පසුගිය වර්ෂය සඳහා කරන ලද ක‍්‍රියාකාරකම් පිළිබඳ වාර්තාවද, ඉදිරි වර්ෂය සඳහා වු සමස්ථ ජපාන නැවියන්ගේ සංගමයේ මුඛ්‍ය තේමාව සහ ප‍්‍රයත්නයද සහ කාර්මික යොජනාද මෙම වාර්ෂික කොන්ග‍්‍රසය විසින් අනුමත කරන ලදී.
මෙම උද්යෝගිමත් සාකච්ඡුාවේ ප‍්‍රතිඵලයක් වශයෙන්, ජාත්‍යන්තර ප‍්‍රවාහන සේවකයන්ගේ සම්මේලනයේ (අයිටීඑෆ්* සාමාජිකත්වය දරණ නාවික සහ ඩොක් කම්කරුවන් සමග, ජාත්‍යන්තර පදනම මත සහයෝගිතාවයෙන් යුතුව, ප‍්‍රධාන ජාත්‍යන්තර කර්තව්‍යයක් වශයෙන් අපට උපක‍්‍රමශීලිව වැඩ කිරීම පිණිස ත්‍ධඛරැුඡුධඛ ව්‍යාපාරය ගැන පැහැදිලි කර දෙන ලදී. ජපානයේ ප‍්‍රදේශ 15 ක් ආවරණය කරමින් අලූත පිහිටුවා ගන්නා ලද ත්‍ධඛරැුඡුධඛ ක‍්‍රියාකාරකම් තවදුරටත් ඵලදායි කිරීම සඳහා සැලසුම් කර තිබෙන අතර, දේශීය හා විදේශීය වෘත්තීය සමිති සමග එක්වී ගෝලීයකරණයවු ජාත්‍යන්තර ප‍්‍රජාවේ විනය සුරක්ෂිත කිරීම ප‍්‍රවර්ධනය කිරීම සඳහා වඩාත් ක‍්‍රියාශීලි කාර්ය භාරයක් ඉටු කිරී්ම පිණිස ඔවුන්ගෙන් ලැබෙන සහයෝගිතාවය ශක්තිමත් කර ගැනීමට අපි කැමැත්තෙන් සිටින්නෙමු.
ඔබගේ කාරුණික සහයෝගය සහ සහෝදරාත්මකතාවය පිළිබඳව නැවතත් ස්තුතිවන්ත වෙමි.
මෙයට ඔබගේ හිතවත්,(අත්සන් කලේ*
යොජි ෆියුජිසාවා,සභාපතිසමස්ථ ජපාන නාවිකයන්ගේ සංගමය
ලග/න.

------------------------------------------------
පරිවර්තනය :* ( ලංකා වතු සේවා සංගමයෙන් සීඑම්යූ 60 වන සංවත්සරයට ලැබුණු ලිපිය )
2008 ජනවාරි 31
ලංකා වතු සේවා සංගමයෙන් පිරිනමන සුභාශිංසනයයි.
ඬඬබාලාඬඬ යන වචනය සඳහන් කරන විට, රිදීවන් හිසකෙස් ඇති, තීක්‍ෂණ ස්වරූපයක් පෙන්නුම් කරන නිතර සිනහවෙන් පිරි, සිත්ගන්නා සුළු පුද්ගලයෙකු, ඔබගේ සිහිියට නැගෙනු ඇත. ඒ, ඬඬබාලා තම්පෝඬඬය. දශක 5 ක පමණ කාලයක් තිස්සේ ඔහුව ඇසුරු කිරීමේ වාසනාව ලංකා වතු සේවා සංගමයේ, අපට ලැබුනි.
දැනට තිබෙන වෘත්තීය සමිති, සන්ධානගතවී කටයුතු කිරීමට පළමුව, ඒ පිළිබඳ අදහස ඉදිරිපත් කරන ලද්දේ ඔහු විසිනි. ලංකා බැංකු සේවක සංගමය, ලංතා වතු සේවක සංගමය සහ සීඑම්යූව අතර සන්ධානගත වීම ඇතිකර ගැනීමේ වගකීමට තනිකරම අතගැසුවේ ඔහුය. මෙම වෘත්තීය සමිති තුන, පුද්ගලික අංශයේ සිටින සේවකයින්ගෙන් බහුතරයක්ම නියෝජනය කරන අතර, සේව්‍යයන් විසින් ඒවා පිළිගෙන තිබෙන්නේ පිරිස්බල සංඛ්‍යාව අනුව නොව, තම සියළු සාමාජිකයන්ගේ සුභ සාධනය ගැන සැලකිලිමත් වෙමින්, ඔවුන් සමග ඉතාමත්ම සමීපව වැඩකරන බලකායක් ලෙසටය. මෙම බලවත් සන්ධානය අද නොපැවතීම කණගාටුවට කරුණකි.
බහුතර කම්කරු පක්‍ෂයක් තිබීම, ඔහුගේ තවත් අදහසක් වූ අතර එම අදහස සහ එහි අගය අපගේ සහෝදරවරුන් විසින්ද තේරුම්ගෙන තිබේ. එය එසේවීනම්, කම්කරුවන්ට හිතවත් ආණ්ඩුවක් තිබීමේ හැකියාව අනුව, අද පවතින දුක්ඛිත තත්වයකට මුහුණ දෙන්නට හැකියාවක් අපට නොතිබෙන්නට ඉඩ තිබුනි. සේවය අවසන් කිරීමේ පනත පැනවීමේ කාර්යභාරය උසුලන ලද්දේ බාලා විසින් බව දන්නේ ඉතා ස්වල්ප දෙනෙකු වුවත් ඉන් බොහෝ දෙනෙකු දැන් රැුකවරණය ලබති. ඇත්තවශයෙන්ම එම පනතේ කෙටුම්පත්කරු ඔහුය. මෙහි තිබෙන ආරක්‍ෂණය නිසා දහස් ගණන් සේවකයෝ ඉතා ලෙහෙසියෙන්ම රැුකියාවෙන් දොට්ට දැමීමේ හැකියාවෙන් ආරක්‍ෂා වූහ. තමන්ගේ සාමාජිකයන්ගේ පමණක් නොව සියළු ජනතාවගේම වරප‍්‍රසාද ආරක්‍ෂාකර දීම සඳහා සෑම පෙරමුණකදීම බාලා සටන් කර තිබේ. සීඑම්යූ ව සමාජවාදී වෘත්තීය සමිතියක් යැයි හංවඩු ගසමින් තමන්ගේ ජන කොටස් ඊට බැඳී සිටීම අධෛ්‍ය_යට පත්කිරීමේ අදහසින් යුතුව, අනුන්ගේ දේට හොට දැමූ බලවත් කතෝලික සභාවට පවා වරක් එක්තරා වේදිකාවකදී බාලා අභියෝග කළ බව අපි දනිමු. බාලාගේ මග පෙන්වීම යටතේ සංවිධානය කරන ලද සැලකිය යුතු වැඩ වර්ජන බොහොමයක්ම ජයග‍්‍රාහී විය. තමන්ගේ කාරිය නොඅඩුවම ඉටු කිරීම සඳහා ඔහු පොරොත්තුවෙන් යුතුව කල්, යල් බලන අතර පරාජිත සටන්වලට අත නොගැසීමේ මනා ¥රදර්ශී භාවයක්ද බාලාට තිබේ.
අපගේ සංගමයේ ආරාධිත අමුත්තන්ගේ නම් ලැයිස්තුවක බොහෝවිට පළමුවෙන්ම සිටින්නේ බාලාය. ඔහු අපගේ පිළිගත් අමුත්තෙක් වන අතර අපගේ ලංකා වතු සේවා සංගමයේ වාර්ෂික සහ අධ_වාර්ෂික අවස්ථාවන් වලට සහභාගීවී, අපට අමතක නොවන දායකත්වයක් ලබාදී තිබේ.
ලංකා වෙළඳ, කාර්මික හා පොදු කම්කරු සංගමයටද සහ 60 වසරක් එහි ප‍්‍රධාන ලේකම් වශයෙන් කටයුතු කරන බාලා තම්පෝ සහෝදරයාටද අපගේ සහෝදරාත්මක සුභ පැතුම් මෙයින් පිරිනමමු.
අත්සන් කළේ / නාත් අමරසිංහප‍්‍රධාන ලේකම්ලංකා වතු කම්කරු සංගමය
ලග/හේ.

---------------------------------------------------
පරිවර්තනය: (සීඑම්යූ 60 වන සංවත්සරය වෙනුවෙන් ලං.සේ.ස. විසින් එවන ලද -සුභාශිංසනය)
2008 ජනවාරි මස 28 වන දින
බාලා තම්පෝ මහතාප‍්‍රධාන ලේකම්සීඑම්යූ.
හිතවත් බාලා,
2008 පෙබරවාරි 01 දින, ඔබගේ වෘත්තීය සමිතිය විසින් පවත්වනු ලබන 60 වන සංවත්සරය නිමිත්තෙන් ලං.සේ. සම්මේලනය වෙනුවෙන් ඔබ වෙත සුභාශිංසනයක් එවීමට ලැබීම ගැන මා බෙහෙවින්ම සතුටට පත්වන්නෙමි. 60 වසරක් තිස්සේ ඔබගේ ජීවිතය වෘත්තීය සමිති වැඩ සඳහා කැප කර තිබීම සහ ඔබගේ වෘත්තීය සමිතියටද 60 වසරක් පිරී තිබීම යන දෙකට එකවිට සිදුවී තිබීම නිසා වෘත්තීය සමිතියට පමණක් නොව මෙය පුද්ගලික වශයෙන් ඔබටද වැදගත් අවස්ථාවක් වන බවට සැකයන් නැත.
ලං. සේ. සම්මේලනය, මෙම 60 වසර තුල ඔබ සමග ඉතාමත් කිට්ටුවෙන්ම, අනොන්‍යයෙන් යුතුව කටයුතු කර තිබෙන සංවිධානයක් බව කීම ගැන ඔබද එකÛවනු ඇත.
වැඩ කිරීමේදී අද ලෝකය තුල ඉතා සීඝ‍්‍රයෙන් සිදුවෙමින් පවතින වෙනස්කම්ද සමග සේව්‍ය සහ සේවක පක්‍ෂයට මුහුණ දීමට සිදුවන අභියෝගද නොකඩවා වැඩිවෙමින් පවතී. අපගේ සංවිධාන විසින් පසුගිය වර්ෂ ගණනාව තිස්සේම ප‍්‍රවර්ධනය කර ගනිමින් ආ සේව්‍යයන් සහ සේවකයන් තර තිබූ සංවාද හා එකිනෙකා අතර තිබූ අවබෝධය, මෙම සන්දර්භය තුල නැවත අවධාරණය කර ගැනීම අවශ්‍යව තිබේ. සේව්‍යයන් සහ සේවකයන් විසින් තම එකිනෙකාගේ දියුණුව තමන් විසින්ම පවත්වා ගෙන යායුතුව තිබීමේ වැදගත්කම ඔවුන් විසින් හවුලේ තේරුම් ගත යුතුව තිබේ. සීඑම්යූව සහ ලං. සේ. සම්මේලනය තම සාමූහික කේවල් කිරීම්වල නිරතවීමේදී, පසුගිය වර්ෂ ගණනාව තුලදීම ප‍්‍රදර්ශනය කළ වැදගත් පණිවිඩය එයයි.
අනාගතය දෙස බලාගෙන යාමේදී, ඔබ විසින් අතිීතයේදී සාර්ථක ලෙස මුදුන්පත් කර ගත් දේ පිළිබඳව, ඔබට ධෛර්යයක් ඇතිවනු නොඅනුමානය. ඔබ විසින් ඒ මුදුන්පත් කර ගන්නා ලද දේවල ශක්තිය, සේවකයන් හා සේව්‍යයන් අතර වැඩ කිරීම පිළිබඳව ඇති සුහදතාවය කිරීම තවදුරටත් උනන්දු කරවීමට හේතුවීම ඔබගේ සංගමයට ප‍්‍රබෝධයක් වනු ඇතැයි අපි විශ්වාස කරමු.
මහත්හැකියාවක් ඇති, දක්‍ෂ, සිත් බැඳගන්නා සුළු නායකයකු වන ඔබට, මගේ ගරුත්වය පුද්ගලිකවම පුද කිරීම මෙහිදී සටහන් කර තැබීමටද, මා මෙය අවස්ථාවක් කර ගනිමි. ඔබගේ සංගමයට තිබෙන ශක්තියේ මූලාශය නම් නිසැකවම පසුගිය වර්ෂ 60 තුලවූ ඔබගේ නායකත්වයයි.
ඔබට සහ ඔබගේ සංගමය වෙත සියලූම සුභ පැතුම් පිරිනැමීමට ලං.සේ.සම්මේලනයේ සිටින සියලූ දෙනා සමග මමද එක්වන අතර, ඔබගේ සංගමය සමග තිබෙන අපගේ සම්බන්ධතාවය අනාගතයේදී අපගේ සම්මේලනයට මෙන්ම, අපගේ රටේ යහපතටද තවදුරටත් ශක්තියක් වේවායි අපි විශ්වාස කරමු.
මෙයට හිතවත්අත්සන් කළේ/ ආර්.එල්.පී. පීරිස්අධ්‍යක්‍ෂක ජනරාල්, ලං.සේ.ස.
ලග/පලි

-------------------------------------------------

පරිවර්තනය: (ජාත්‍යන්තර, රෙදිපිලි, ඇඟලූම් සහ හම්් වැඩපල කම්කරුවන්ගේ සම්මේලනය
,ට්වාරෝ, විසින් එවන ලද සුභ පැතුම*

2008 ජනවාරි 29 වන දින

බාලා තම්පෝ මහතා
ප‍්‍රධාන ලේකම්
සීඑම්යූ.

පි‍්‍රය බාලා සහෝදරය,

සහයෝගිතාවයේ පණිවිඩය

ඉතා වැදගත්වූද, එවගේම මුලූ ආසියාවේම කම්කරු ව්‍යාපාරය ධෛර්යමත් කරමින් ලංකා වෙළඳ, කාර්මික සහ පොදු කම්රකැ සංගමය විසින් පවත්වන තම 60 වන වර්ෂ පූර්ණය සැමරීමේ අවස්ථාවට ආසියා/ුෆැසිපික් රටවල් 22ක් නියෝජනය කරන ජාත්‍යන්තර රෙදිපිළි,
ඇÛලූම්, සහ සම්භාණ්ඩ කර්මාන්ත කම්රකැවන්ගේ සම්මේලනයේ මිලියන 2.4 ක්වූ සාමාජිකයන් වෙනුවෙන්, අපගේ සහෝදරාත්මක සහ උණුසුම් සැභපැතුම් ඔබ වෙත පිරිනැමීමට ලැබීම මට මහත් සොම්නසකි. ප‍්‍රජාතන්තී‍්‍රය වෘත්තීය සමිති ව්‍යාපාරයට නියම පදනමක් ගොඩනැගීම සඳහා පසුගිය වසර 60 තුළ බාලා සහෝදරයා විසින් කර ඇති සුවිශාල දායකත්වය කෙරෙහි සහ ඊට සහයෝගය දෙමින් අද දක්වාම සහයෝගය දෙන සියලූම සීඑම්යූ සාමාජිකත්වයට විශේෂයෙන් මගේ අතිමහත් ප‍්‍රශංසාව පිරිනැමීමට මා ඉතා කැමැත්තෙමි.

දීර්ඝ ඉතිහාසයක් තුල කැපකළ තම පරිශ‍්‍රමයෙන් මෙරට තුල පමණක් නොව, කළාපයේ සහ ගෝලීය වෘත්තීය සමිති ව්‍යාපාරය තුලද පවා මෙම සංගමය බලවත් නියෝජනයක් ලබා ගෙන තබේ. කලාපීය අභියෝගවලට අපි මුහුණ දෙමින් සිටින නිසා, ජාතික සහ අන්තර්ජාතික වෘත්තීය ව්‍යාපාරය තුලින් ඉතා දීර්ඝ සහ පුළුල් අත්දැකීම් ලබා ඇති ඔබගේ බුද්ධිය සහ බලය මගින් ,ට්වාරෝ, හි වැදගත් සාමාජිකයෙකු වන සීඑම්යූව, අපට උපකාර කරනු ඇතැයි අපි මහත් බලාපොරොත්තු තබා ගෙන සිටින්නෙමු.

මෙම ගෝලීය ආර්ථිකය තුල ශී‍්‍ර ලාංකික කම්කරුවන්ගේ බලවත් තරÛකාරීත්වය සහ නියෝජනය තහවුරු කිරීම පිණිස හැකි සෑම අයුරකින්ම ඔබගේ අරගලයට සම්බන්ධවීමට ඊට ප‍්‍රතිලෝම වශයෙන්, ,ට්වාරෝවට, හැකිවේ යැයි සීඑම්යූවට අපේක්ෂා කළ හැකිය.

සීඑම්යූව දිනේවායි අපි සභාශිංසනය කරමු.

මෙයට හිතවත්

අත්සන් කළේ/ අකිනෝ ගෝනෝ
ලේකම්
,ට්වාරෝ, සම්මේලනය

ලග/පලි

‍‍------------------------------------------



No comments: